අපගේ දැක්ම
“ජනතාව සදහා විශිෂ්ට රාජ්‍ය සේවයක්”
අපගේ මෙහෙවර
“රාජාංගනය ප්‍රාදේශිය මහ ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශය තුල පදිංචි ජනතාවගේ සියළුම ප්‍රශ්ණ හා ගැටළු හදුනාගනිමින් වඩාත් ළුලදායී ලෙස ඒවාට ඒවාට පිළිතුරු සෙවීම වස්, රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතාවගේ සහභාගිත්වයෙන් ගැටළු නිරාකරණය කරගනිමින්, වඩාත් සෞභාග්‍ය සම්පන්න ජනතාවක් බිහිකරලීම.”
ඓතිහාසික රාජාංගනයට “රාජාංගනය” යන නම පැවතීමේ සම්ප්‍රදානුකූල සම්භවය වන්නේ “රජ අංගනය හෙවත් රජ මිදුල” යන්නයි. ඉපැරණි අනුරාධපුර රාජධානි සමයෙහි රජ දරුවන් සිය රාජකීය ක්‍රීඩා ඇතුළු විවේක ක්‍රියාකාරකම් සදහා අංගනයක් හෙවත් මිදුලක් ලෙස මෙම ප්‍රදේශය භාවිත කොට ඇතැයි ජනප්‍රවාද වල සදහන් වේ.
1965 වර්ෂයේ රාජාංගනය ව්‍යාපාරය ආරම්භ කරන ලද අතර දිවයිනේ විවිධ පළාත් වල විසිරී සිටි ගොවි ජනතාව ඉඩම් ප්‍රධානය කරමින් මෙම කොට්ඨාශයේ පදිංචි කරවන ලදී. මෙම ගොවි ජනතාවගේ යල මහ දෙකන්නය සාරවත් කරලීම සදහා රාජාංගනය ජලාශය ඉටුකරනු ලබන නිහඩ සේවය අති මහත්ය. මහා ගොවි ජනපදයක් වන මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇති අතිශය සශ්‍රීක ප්‍රදේශයකි.
1986 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්
| නම | සිට | දක්වා |
| එම්. ඒ. තිලකරත්න මයා | 1986 | 1986 |
| ඩී. එම්. කේ. ජේ. බණ්ඩාර මයා | 1986 | 1988 |
| ඒ. විජේකරුණාමුණි මයා | 1988 | 1989 |
| එච්. එම්. කේ. හේරත් මයා | 1989 | 1990 |
| ඒ. බොරළුගොඩ මයා | 1990 | 1992 |
| ආනන්ද ඒකනායක මයා | 1993 | 1995 |
| සුනිල් සේනාධීර මයා | 1995 | 1995 |
| සරත් විජේසිංහ මයා | 1996 | 1999 |
| යූ. ඒ. සී. ගුණරත්න මිය | 1999.09 | 2001.02 |
| එම්. ඒ. අනුලා ඉන්ද්‍රාණි මිය | 2001.05 | 2007.05 |
| ආර්. එම්. ජී. සේනාරත්න මයා |
2007.05 |
2012.06 |
| එන්. එම්. එන්. ආර්. බී. නවරත්න මයා | 2012.06 | 2013 |
|
එස්. එන්. ජී. අබේසේකර මිය (වැ.බ.) |
2014.06 | 2014.06 |
|
ඩී. එම්. ශාන්ත දසනායක මයා |
2014.06 | 2014.09 |
| ඊ. එම්. එස්. එදිරිසිංහ මිය (වැ.බ.) | 2014.09 | 2015.03 |
|
කේ. කේ. ජී. අයි. ඩී. පී. විජේතිලක මයා |
2015.03 | 2015.09 |
|
ආර්. එම්. ජී. සේනාරත්න මයා (වැ.බ.) |
2015.09.14 | 2016.06 |
|
පී. ජී. සුනිල් අබේකෝන් මයා |
2016.06.17 |
2022.3.3
|














